පකිස්තාන අගමැති අද පස්වරුවේ දිවයිනට. – දෙරට අතර ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයක්

Share Button

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට ්අනුව ඔහුගේ මෙම සංචාරය සිදුවේ.පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැ්තවීමට නියමිතයි. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අද රාත්‍රියේදී දෙරටටම අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙම වසර තුල සහභාගි වන පළමු විදෙස් සංචාරය මෙය වීම විශේෂත්වයකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *