මහ කන්නයේ වී මිලදී ගැනිීමේ වැඩසටහන පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් පවත්වාගෙන යෑමේ තීරණයක්

Share Button

2020- 2021 මහ කන්නයේ වි මිලදී ගැනීමේ වැඩසටහන පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් පවත්වාගෙන යාමට රජය තීරණය කරයි. ඒ අනුව දැනට රජය වී කිලෝවක් සදහා ලබාදෙන රුපියල් 50 සහතික මිල පෞද්ගලික අංශයේ මිලට ගැලපෙන ආකාරයෙන් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙ. එමෙන්ම කිසිදු ආකාරයකින් ගොවීන්ගේ පොහොර සහනාධාරය කපා හැරීමක් සිදු නොකරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. කුමණ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත්කද පාරිභෝගිකයාට ඉදිරියේදී රුපියල් 98ක සහතික මිලකට සහල් ලබාදීමට රජය ක්‍රියාකරන බවද හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *