කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා මිලියන 28 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Share Button

පාස්කු කොමිසන් සභා වාර්තාවට අදාළව විපක්‍ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කළහැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. එම වාර්තාව ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසු එම වාර්තාව පොදු ලේඛණයක් බවට පත්වන බැවින් ඕනෑම අයෙකුට ඒ පිළීබඳ විශ්ලේෂණය කිීරීමේ අවස්ථාව පවතින බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු පැවසීය. එම වාර්තාවේ වැදගත් හා සංකීර්ණ ප්‍රශ්න විශ්ලේෂණය කිරීම සදහා ජනාධිපතිතුමා අමාත්‍ය කමිටුවක් පත්කළ බවද ඔහු සදහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී සදහන් කළේ දේශපාලන කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අනිසි දේශපාලන බලපෑමක් හෝ අමාත්‍ය මණ්ඩල මැදිහත්වීමක් සිදු නොකරන බවයි.

මේ අතර මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් පතිරණ මහතා කියා සිටියේ මෙරට ජනගහණයෙන් ලක්‍ෂ 140 කට කොවිඩ් එන්නත ලබාදීමට රජය අපේක්ෂා කරන බවයි. කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා මිලියන 28 ක් මිලදී ගැනීමට අමාත්‍ය මන්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

පුවත්පත් මණඩල පනත සංශෝධනය සම්බන්ධයෙන් මාධ්‍යවේ්දියෙකුගේ ප්‍රශ්නයකට පිළීතුරු ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරනය කලේ කිසිදු ආකාරයක මාධ්‍ය මර්දනයක් සිදුකිරීමේ අදහසක් රජයට නොමැති බවයි. මාධ්‍ය නිදහස මෙන්ම මෙරට සමස්ත ජනාතවගේ අයිතිවාසිකම් සුරැකීමේ වගකිම රජය සතු බවද ඔහු පැවසීය.
.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *