පාස්කු වාර්තාව කථානායකවරයාට
පාස්කු කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමාගේ නීති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද පෙරවරුවේ භාරදී තිබේ. එම වාර්තාව ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළේය. ඉන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ලබන බ්‍රහස්පතින්දා මෙම වාර්තාවේ පිටපත් සියලුම මන්ත්‍රිවරුන්ට ලබාදෙන බව කථානායකවරයා සදහන් කරයි.