ඉන්දියාව මාලදිවයින සමග අමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ප්‍රදාන ගිවිසුමක
ඉන්දියාව මාලදිවයින සමග අමෙරිකානු ඩොලර් මිලියන 50 ක ණය ප්‍රදාන ගිවිසුමකට අත්සන් තබයි. ආරක්ෂක ක්ෂේත්රය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. මාලදිවයිනේ සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය එස්ජයිසංකර් මහතා ඊයේ ප්‍රකාශ කලේ මෙම ගිවිසුම මගින් දෙරට අතර සමුද්‍රීය කලාපයේ ආරක්ෂාව සදහා පහසුකම් සැලසෙන බවයි. ජයිසංකර් මහතා මාලදිවයිනේ ආරක්ෂක අමාත්‍ය මාරියා ඩිඩී මහත්මිය සමග වරාය ව්‍යාපෘති ගිවිසුමකටද අත්සන් තැබුවේය. එම ගිවිසුමෙන් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය ශක්තිමත් කෙරනු ඇත. ඊට අමතරව කලාපීය මානුෂීය මෙහෙයුම් සදහාද පහසුකම් සැලසේ.