අපොස සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සදහා උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම තහනම ලබන මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. විෂයානුබද්ධ දේශන,සම්මන්ත්‍රණ, වැඩමුඵ ආදිය පැවැත්වීම ද තහනම් වෙයි/. විභාගයේ ප්‍රශ්න පත්‍ර වලට සමාන ප්‍රශ්න පත්‍ර සපයන බවට පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීම,අත්පත්‍රිකා බෙදාහැරීම මෙන්ම විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකිරීම තහනම්ය. මෙම නියෝග උල්ලංගනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ලගම ඇති පොලිස් ස්ථානයට හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා ඇරඹේ. අපේක්ෂකයෝ හයලක්ෂ 22 දහස් 352 දෙනෙක් මෙවර විභාගයට පෙනි සිටිති. ඉන් හාරලක්ෂ 33 දහස් 746 ක් පාසල් අයදුම්කරුවෝ වෙති. දිවයිනපුරා මධ්‍යස්ථාන 4513 කදී විභාගය පැවැත්වේ. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මාසයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *