පාස්කු කොමිසමේ අවසන් වාර්තාව කථානායකවරයාට- ප්‍රහාරය වළක්වා නොගත් යහපාලන ප්‍රබලයන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමේ ප්‍රතිපාදන සොයා බැලේ
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව කථානායකවරයාට භාරදීම අද සිදු විය. වාර්තාව පිටු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විතයි.
ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති,හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පතිට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව සොයා බැලීම සදහා එම වාර්තාව නීතිපතිවරයාට යොමු කරන්නැයි නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ ප්‍රතිපාදන ඇද්දැයි එහිදී සොයා බැලෙනු ඇත. මෙවැනි සිද්ධි ඉදිරියේ සිදු නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග කොමිසම නිර්දේශ කර ඇත.
හිටපු ජනාධිපතිවරයා සිද්ධිය වන අවස්ථාවේ ඉන්දියාවේ හා සිංගප්පුරුවේ සංචාරයක නිරතව සිටියේය. ඔහු ආරක්ෂක ඇමති ධුරයේ වැඩ බැලීමට කිසිවෙකු හෝ පත්කර නොතිබුනි. එමගින් ඔහු ප්‍රහාරය පිළිබඳව දැනුවත්ව චේතනාන්විතව ප්‍රහාරයට මගපැදු බවට සැක පළවී තිබේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් මෙන්ම වගකීම් පැහැර හැරීමකි.
පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාවේ කරුණු ගැඹුරින් අධ්‍යයනය කිරීම සදහා ජනාධිපතිතුමා සයපුද්ගල කමිටුවක් පත්කර තිබේ.