පකිස්ථාන අගමැතිවරයා දිවයිනට – ශ්‍රී ලංකා-පකිස්ථාන අගමැතිවරුන් අතර හමුවක් තව ස්වල්ප වේලාවකින්

Share Button

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දිවයිනට ලගා වෙයි. පකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද පස්වරු 4.30 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලගාවු ඔහු එහිදී පිළිගත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. පකිස්ථාන අගමැතිවරයා වෙනුවෙන් විශේෂ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වුනි. පකිස්ථාන අගමැතිවරයා ගුවන් තොටුපලේ සුවිශේෂි ආරාධිතයන්ගේ සමරු පොතේ සටහනක්ද තැබීය.

ශ්‍රී ලංකා-පකිස්ථාන අගමැතිවරුන් අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වෙයි. ඉන් අනතුරුව අගමැතිවරුන් දෙදෙනාගේ සහබාගිත්වය ඇතිව දෙරට අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන,කාර්මික තාක්ෂණ,අධ්‍යාපන ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක ගිවිසුම් පහක් අත්සන් තැබේ.

පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේදී හෙට පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි. ඉන් අනතුරුව කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා ආයෝජන සමුළුවකට එක්වන පකිස්ථාන අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුද හමුවනු ඇත.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ හෙට පැවැත්වෙන වෙළෙඳ හා ආයෝජන සමුළුවකටද ඔහු සහභාගි වෙයි. පකිස්ථාන අගමැතිවරයා සිය දෙදින සංචාරය නිම කරමින් හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *