ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ආශ්‍රිත ඉඩම් දේශිය ආයෝිජකයින්ට

Share Button

ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ආශ්‍රිත ඉඩම් අගය එකතු කළ වාණිජ නිෂ්පාදන කටයුතු සදහා දේශිය ආයෝිජකයින්ට ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසිය. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතාන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා මේ බව කිවේය.

මෙරට දූපත් තුනක පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සදහා කිසිදු රටක ආයතනයකට මෙතෙක් ටෙන්ඩර් ප්‍රදානය කිරිමක් සිදු කර නැතැයි ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසිය . මෙම ජාත්‍යන්තර ටෙන්ඩර් කැදවිමේදී චීන සමාගමක් මෙන්ම ඉන්දිය සමාගමක්ද ඊට ලන්සු ඉදිරිපත් කර තිබිණි පසුව ඉන්දිය මහ කොමසාරිස්වරයා එම ව්‍යාපෘතිය ප්‍රදානයක් ලෙස සිදුකළ හැකි බව දැනුම් දි තිබෙ.

මෙම ව්‍යාපෘතියට ආධාර ලබාදෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි සුළං සහ සුර්යබලය උපයෝගි කර ගනිමින් මෙරට පළමු හයිබ්‍රිඩ් පුනර්ජනනිය විදුලි බලාගාරය එම දුපත්වල ඉදිකිරිම අපේක්ෂාව වි තිබේ. මෙම ටෙන්ඩර් කැදවිම ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකුලව නිවැරදිව සිදුකර ඇතැයි ද ඔහු පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *