වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන තරගාවලියක් ගාල්ලේදි
ග්ලැක්සි කුසලාන වයස අවුරුදු 25 න් පහළ කාන්තා හා පිරිමි වොලිබෝල් තරගාවලිය ලබන මස 16 වැනිදා සිට 22 වැනිදා දක්වා ගාල්ල වොලිබෝල් හවුස් හිදි පැවැත්වෙ.
මෙරටට වොලිබෝල් ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදලක් පිරිනැමෙන තරගාවලිය මෙය බව ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පවසයිකොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය ශූරතාව සදහා රුපියල් මිලියනයක මුදලක් ද අනුශූරතාව සදහා රුපියල් ලක්ෂ පහක මුදලක් ද පිරිනැමේ.
බෝෂෑන්ග් ලංකා ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස් ආයතනය තරගාවලියට අනුග්‍රහය දක්වයි මෙම තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රිඩකයන් ජාතික සංචිතයට තෝරාගන්නා බව ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් එහිදි පැවසිය. මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් අටක් සහ කාන්තා කණ්ඩායම් 10 ක් සහභාගි වේ.