මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධය සාර්ථකයි

Share Button

මහනුවර මහ රෝහලේ පළමු අක්මා බද්ධ සැත්කම සාර්ථකව සිදුකිරීමට එම රෝහල් කාර්යය මණ්ඩලය සමත්වි තිබේ. අනතුරක් හේතුවෙන් මොලය මියගිය 37 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාව බද්ධ කෙරුණේ වත්තේගම පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකුටය. මහනුවර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේදි පැය 30 පමණ කාලයක් මේ සඳහා ගතවු බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. රෝගියා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය පී කේ හරිශ්චන්ද්‍ර මහතා කිීවේය. මෙම රෝගියා අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 20 ක පමණ කාලයක් පිඩා වින්දේය. දැනට අක්මා බද්ධ කිරීමේ සැත්කම් කොළඹ ජාතික රෝහල. රාගම ශික්ෂණ රෝහලේ සිදුකෙරේ. ඉදිරියේදි මහනුවර මහ රෝහලේදී ද එම කටයුතු සිදුකෙරෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *