අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා ආරම්භ වෙයි

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා ආරම්භ වෙයි විභාගයට පෙනි සිටින අපේක්ෂකයන් විභාගය ආරම්භවීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණිය යුතු බව විභාග දෙපාර්තමෙන්තුව දැනුම් දෙයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ විභාග මධ්‍යස්ථානවල දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මකවීම ඊට හේතුවයි. විභාග ප්‍රවේශපත්‍ර මෙතෙක් ලැබි නොමැති නම් විභාග දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩී ඕ ඊ එන් ඊ ටී එස් ඩොට් එල් කේ වෙබ් අඩවියට පිවිසිමෙන් එය බාගත කරගත හැකිය විභාගය සම්බන්ධයෙන් පවතින ගැටළු ද එමගින් විසදාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි.

දුරකථන අංක 011-2 784 208 හා ක්‍ෂණික දුරකථන අංක 1911 ද ඒ සදහා විවෘතව පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *