සාමාන්‍ය පෙළ සිසුන්ට ජාතික හැඳුනුම්පත්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල. කුරුණැගල. වව්නියාව හා මඩකලපුව දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවාතව තැබේ. මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින අපේක්ෂකයන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සදහා පමණක් මෙම විශේෂ සේවාව ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී. වී. ගුණතිලක මහතා පවසයි. හැදුනුම්පත ලබා ගැනීම සදහා විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි සහතික කළ නිසිලෙස සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.