ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියල්ල සුදානම්.
දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි. මාර්තු 01 වැනිදා සිට 09 වැනිදා දක්වා විභාගය පැවැත්වේ.
අපේක්ෂකයෝ හයලක්ෂ විසිදෙදහසක් විභාගයට පෙනී සිටිති. කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුල සෞඛ්‍ය ආරක්ෂිතව විභාගය පැවැත්විම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා කියයි.
අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන ද සුදානම්කර තිබේ. ඒ වෙනුවෙන් මිලියන 50 ක අතිරේක ප්‍රතිපාදන ද වෙන්කර ඇති බව අමාත්‍යවරයා පවසයි.