මියන්මාරයේ ගැටුම් උත්සන්න වෙයි.

Share Button

ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර පවතින අඛණ්ඩ ගැටුම් හේතුවෙන් මියන්මාරයේ නොසන්සුන්කාරී තත්ත්වය උත්සන්නවී තිබේ. පැවති මහජන විරෝධතා අතරතුරදී පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ මස පලමුවැනිදා ආරම්භ කළ විරෝධතා හේතුවෙන් රටවල් රැසක් මියන්මාරයට එරෙහිව සම්බාධක ද පනවා තිබේ. මියන්මාරයේ යැන්ගොන් ප්‍රදේශයේ ඇතිවු විරෝධතාවලදී ආරක්ෂක අංශ සදහා සහාය දක්වන පුද්ගලයින් විරුද්ධවාදීන්ට එරෙහිව අවි ආයුධ , ගල් සහ මුගුරු භාවිත කර ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ ජාත්‍යන්තරයේ අනෙක් රටවල් එය හෙලා දැක ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *