මිගාර ගුණරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශනයක්
කණිෂ්ඨ නීතීඥයෙකු වන මිගාර ගුණරත්න මහතාට පොලිස් නිලධාරිීන් පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මුල්‍ය වංචාවක් පිළීබඳව විමර්ශනය කිරීමට පෑලියගොඩ පොලිසියට රැගෙන ආ සැකකරුවෙකු සම්බන්ධයෙන් කළ විමසීමකදී මෙම පහරදීම සිදුවී ඇත. හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයා මෙම පහරදීමට ලක්ව තිබේ.
මේ පිළීබඳව විමර්ශනයක් කර සිද්ධීයට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.