පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු සියලුදෙනාට යුක්තිය ඉටුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ප්‍රකාශයක්

Share Button

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු සියලුදෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවධාරණය කරයි. එම වාර්තාව පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පක්‍ෂය සුදානමින් සිටී.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ කර ඇති නිර්දේශ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය තරයේ ප්‍රතික්ෂේප කරයි. කොමිසමේ තවත් නිර්දේශ රැසක් ප්‍රතික්ෂේප කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂය පෙන්වා දෙයි. අසම්පරු්ණ හා තමන් වෙත ලබාදෙන ලද විධානය පරිදි සකස් නොකරන ලද පාස්කු කොමිසන් සභා වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කොට වාර්තා කිරීම සදහා 2019 සැප්තැම්බර් 22වැනිදා ජනාධිපති කොමිසන් සභාවක් පත් කළේය. එහෙත් කොමිසන් සභාව ස්ථාපිත කළ අරමුණු ඉටුකර ගැනීම සදහා සාධනීය පිළිතුරු නියාමන හා නිර්දේශ මෙම වාර්තාවේ අඩංගු නොවන බව පක්‍ෂයේ පොදු මතය බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *