යතුරුපැදි සොරකම්වල ඉහළයාමක්

Share Button

යතුරුපැදි සොරකම්වල ඉහළයාමක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ පමණක් යතුරුපැදි 06 ක් සොරකම් කර ඇත. ගල්නෑව ප්‍රදේශයේ සැකකටයුතු ස්ථානයක් පරීක්ෂා කිරීමේදී යතුරුපැදි අංක තහඩු 23 ක් අමතර කොටස් ඇතුළු උපාංග රාශියක් සොයා ගෙන තිබේ. එහි සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොට්ටාව රුක්මල්ගම නිවසක තිබි ගංජා කිලෝග්‍රම් 16 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග 24 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස වැල්ලම්පිටිය ප්‍රදේශවලින් ද මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වේවැලකින් පහරදීම නිසා මීගහවත්ත පොලිස් වසමේ පදිංචි 09 හැවිරිදි දැරියක් මිය යයි. එම දැරිය යම් අමනුෂ්‍ය දෝෂයකින් පෙලෙන බව පවසමින් ඊට ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත්වු කාන්තාවක් දැරියට තෙල් සාත්තුවක් ලබාදී වේවැලකින් පහරදී ඇත. පසුව ඉන් ඇතිවු තුවාල හා කම්පනය මත දැරිය රෝහලට ඇතුළත් කිරිමේදී මිය ගොස් තිබේ. මෙම අමනුෂ්‍ය දෝෂයට ප්‍රතිකාර කළ කාන්තාව දැරියගේ නිවස අසල පදිංචිකාරියකි. එම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *