නුවරඑළිය දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි දැවැන්ත සංවර්ධන ව්‍යපෘතියක්

Share Button

නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට නාගරික සංවර්ධන අධිකාරිය සුදානම්වේ. අප්‍රේල් 23 වැනිදා සිට එම ව්‍යාපෘතිය ඇරඹේ.

නුවරඑළිය, පුඩලුඔය, නානුඔය, ගිනිගත්හේන, වලපනේ, රිකිල්ලගස්කඩ, පුස්සැල්ලෑව සහ කිතුල්ගල යන නගර මෙම ව්‍යාපෘතියට ඇතුලත්ය. නුවරඑළිය පැරණි තුරග තරග පිටිය මුලික කරගනිමින් සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රටපුරා නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ වැඩසටහන යටතේ මෙයද ක්‍රියාවට නැංවේ. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන දහසකට ආසන්න මුදලක් වැය කිරිමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *