පැය 24 ක් තුල රිය අනතුරුවලින් පුද්ගලයෝ 12 දෙනෙක් මිය යති

Share Button

ඊයේ දවස තුල පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. ඉන් සිව් දෙනෙකු ත්‍රිරෝද රථ රියදුරන් වන අතර තවත් සිව් දෙනෙක් පදිකයෝ වෙති. මේ නිසා රථ වාහන මෙහෙයුම් දැඩි කොට ඇත.

අ පො ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බැවින් මෙම කාලයේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා වන අයුරින් ශබ්ද දුෂණය ඇති වන ආකාරයට ක්‍රියා නොකරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ඊයේ වනවිට පොලිස් නිලධාරීන් 24 631 දෙනෙකුට කොවිඩ් එන්නත ලබා දී ඇතැයි අජිත් රෝහණ මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *