ගමන් බෑගයක තිබි සොයාගත් හිස නොමැති කාන්තා මල සිරුර හදුනා ගැනීමට පරීක්‍ෂණ

Share Button

කොළඹ වේල්ලවීදියේදී ගමන් බෑගයක තිබි සොයාගත් හිස නොමැති කාන්තා මල සිරුර හදුනා ගැනීමට පරීක්‍ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. පොලිස් කණ්ඩායම් 3 ක් ඒ සඳහා පත්කර තිබේ.

අතුරුදන් වු තරුණියන් කිහිප දෙනෙකුගේ තොරතුරු මේ වනවිට පොලිසියට ලැබී ඇත. එම තරුණීයන්ගේ ඡායාරූප ඝාතනය කළ තරුණීය හා සැසදෙන්නේදැයි සොයා බැලේ. හිස කොටස නොමැති බැවින් ඇයව හඳුනා ගැනිම දුෂ්කර වී ඇත. කෙසේ වුවත් පොලිසිය සැකතොරතුරු කිහිපයක් පසුපස හඹායමින් පවතී. ස්ථාන කිහිපයක සී.සී.ටී.වී දර්ශන පරීක්‍ෂා කරමින් සිටී. මෙම සිරුර රැගෙන ආ මාර්ග අංක 143 බස් රථය පොලිස් භාරයට ගෙන තිබේ. රියදුරුගෙන් සහ කොන්දොස්තරගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. බැගය රැගත් පුද්ගලයා හංවැල්ලෙන් බස් රථයට ගොඩවී ඇත.

මේ පිළීබඳ තොරතුරු වෙතොත් 0718 59 15 57 හෝ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 0112 43 33 33 වෙත තොරතුරු දැනුම් දිය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *