සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාල නඩුව ලබන මස 28 වැනිදා
පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට ලක්වු සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ නඩුව ලබන මස 28 වැනිදා යලි කැදවන්නැයි කොළඹ මහාධිකරණය අද නියෝග කළේය. එවකට සෞඛ්‍ය ඇමතිවරයාවු රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත. එහිදී රජයේ නීතිඥවරයා පැමිණිල්ල විත්තියට සැපයිය යුතු ලේඛණ ඉදිරිපත් කිරීම සදහා මාසයක කාලයක් ඉල්ලා සිටියේයඩ්€ඤු එම ඉල්ලිම පිළිගත් අධිකරණය නඩුව ලබන මස 28 වැනිදා කැදවීමට තීරණය කළේය.