සාමාන්‍ය පෙල විභාග මධ්‍යස්ථාන අසල විශේෂ පොලිස් මෙහෙයුම්

Share Button

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ අපේක්ෂකයකු ලෙස පෙනි සිටි පුද්ගලයකු මුලතිව් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මුලතිව් සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේ අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.සැකකරු පරසන්කුලම් නැදුන්කනී ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයකු බව පොලිසිය පවසයි.

මේ අතර කැකිරාව මඩාටුගම විභාග මධ්‍යස්ථානයේ සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටි අපේක්ෂකයකුට පහර දුන් තවත් පාසල් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.පහර කෑ සිසුවා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

මේ අතර සාමාන්‍යපෙල විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අසල නිරෝධානය නීති උල්ලංඝනය කරමින් අත්පත්‍රිකා බෙදා හරින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. සාමාන්‍ය පෙල විභාගය තෙවැනි දිනටත් අද පැවැත්වින. පවතින තත්ත්වය හමුවේ සෑම සාමාන්‍ය පෙල මධ්‍යස්ථානයක් ආශ්‍රිතවම විශේෂ ආරක්ෂක වැඩපිලිවල ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *