මියන්මාරයේ විරෝධතාකරුවන් 38 දෙනෙක් ජීවිතක්ෂයට
මියන්මාරයේ ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් ගැටීමෙන් තවත් පුද්ගලයෝ 38 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. පසුගිය පෙබරවාරි මාසයේදී සිදු වූ හමුදා කුමන්ත්රණයෙන් පසු වාර්තා වූ මනුෂ්‍ය ඝාතන වැඩියෙන් වාර්තා වූ දිනය වශයෙන් ඊයේ දිනය නම් කළ හැකි බව මියන්මාරය පිළිබඳ ජගත් මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ක්‍රිස්ටීන් ෂ්රානෙර් පවසයි. ඔහුගේ දත්තවලට අනුව අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව එක්දහස් 200 කට ආසන්නය..