මියන්මාරය පිළිබදව ජගත් ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡාවට
මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට හෙට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන්නැයි බ්‍රිතාන්‍යය ඉල්ලීමක් කරයි. එක්සත් ජනපදය පැවසුවේ මින්මාරයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි. ආරක්ෂක අංශ හා මියන්මාර විරෝධතාකරුවන් අතර පැවති ගැටුම්වල දී ඊයේ 38 දෙනෙක් මරණයට පත්වුහ. ඇසින් දුටුවන් පැවසුවේ ආරක්ෂක අංශ විරෝධතාකරුවන්ට වෙඩි තැබු බවයි. කුමන්ත්රණයකින් හමුදාව රටේ බලය අත්කර ගත් පසුගිය මස පළමුවැනිදා සිට මියන්මාරයේ විරෝධතා පවතී. රට තුල යලි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම ඔවුන්ගේ ඉල්ලීමයි.