අසාධාරණ හේතු මත සමෘද්ධි සහනාධාරය අහිමි වු ලක්ෂ 2 කට මේ වසර අවසන් වීමට පෙර එම සහනාධාරය

Share Button

අසාධාරණ හේතු මත සමෘද්ධි සහනාධාරය අහිමි වු ලක්ෂ 2 ක පමණ සමෘද්ධිලාභී සුදුස්සන්ට මේ වසර අවසන් වීමට පෙර සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව නියෝජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා කියයි. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ ගෙවී ගිය වසර තුන තුල රට තුල ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මෙන්ම ජනතා අයිතිවාසිකම් ලබාදීමට වත්මන් රජය ක්‍රියා කළ බවයි. ගෙවී ගිය වසර තුන තුල රට තුල දැවැන්ත සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. ශ්‍රිී ලංකාවට ජාත්‍යන්තරය හමුවේ ඉහළ පිළිගැනීමක් ලබාදීමට වත්මන් රජයට හැකි විය. කෙසේ වෙතත් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාර ඉතාමත් අවම මට්ටමක පවතින බව නියෝජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *