මහා පරිමාණ වංචා හා දුෂණ සම්බන්ධයෙන් නඩු 17 ක් අධිකරණය හමුවට

Share Button

ලබන සිකුරාදාට යෙදෙන යහපාලන ජාතික රජයේ තෙවර්ෂ පුර්ණ සැමරුමට සමගාමීව දිස්ත්‍රික්ක කිහිපයක ඉඩමක හිමිකම නොමැති ජනතාවට ඉඩම් ඔප්පු පිරිනැමීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා කියයි.
මහා පරිමාණ වංචා හා දුෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව නඩු 17 ක් දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ දී පැවසීය. එම නඩු විභාග කඩිනම් කිරීමට රජය පියවර ගෙන තිබේ. ගෙවී ගිය වසර තුන තුල රජය විශාල කාර්යභාරයක් ඉටු කර තිබේ.

එහෙත් ඒ පිළිබඳ තොරතුරු ජනතාව අතරට නිසි ලෙස ගොස් නැතැයි ඇමතිවරයා පැවසීය. ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ පුඵ්ල් වැඩපිළිවෙලක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. අන්තර්ජාතික වෙලෙද ගිවිසුම්වලින් රටට වාසි රැසක් අත්වන බව ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *