ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය කොළඹදී

Share Button

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාගාරයේදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. තරගාවලිය සදහා ශ්‍රී ලංකාවට අමතරව හොංකොං සෞදි අරාබිය. එක්සත් එමිර් රාජ්‍යය. බංග්ලාදේශය. ඉරානය හා මොන්ගෝලියාව සහභාගි වෙයි. තරගාවලියට අනුග්‍රහකත්වය ලබාදෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. මේ ිපළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුනි. මෙහිදී අදහස් දැක්වු වොලිබෝල් සම්මේලනයේ සභාපති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ මෙරටේ ජාතික ක්‍රිඩාව ඉහල නැංවීමට උපරිම ලෙස කටයුතු කරන බවයි. ශ්‍රේණිගත කිරීම්වල ආසියාවේ ඉහල ස්ථානයකට ශ්‍රි ලංකාව ඔසවා තැබීමට මෙම තරගාවලිය වැදගත් වනු ඇතැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *