මිල්ටන් මල්ලවආරච්චි ගීත පිළිබඳ විශේෂ වැඩසටනක්
මිල්ටන් මල්ලවආරච්චි ගායන ශිල්පියා අභාවප්රාප්ත වී වසර 23 ක් පිරිම නිමිත්තෙන් ඔහුගේ චිත්රපට ගීත පිළිබඳ විශේෂ වැඩසටනක් ලබන ඉරිදා ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් ප්රචාරය කෙරේ. එදින පෙරවරු 10.00 ට ගුවන් ගන්නා සල රූ සේයා චිත්රපට ගී වැඩසටහනින් මිල්ටන් මල්ලවආරච්චි මහතා ප්රථමයෙන් ගීත ගායනා කල පුජිතයෝ චිත්රපටයේ තෝරාගත් ගීත සහ ඒ පිළිබඳ බැඳුනු රසවත් තොරතුරු මෙහිදී ඉදිරිපත් කෙරේ. මිල්ටන් මල්ලවආරච්චි කාලීන කලාකරුවාගේ සමකාලීනයෝ් කිහිපදෙනෙක් ද ඊට සම්බන්ධ වෙති. එමෙන්ම ප්රවීන සිනමාකරුවෙකු හා හිටවනතම කවියෙකු වු කිංස්ලි දසනායක මහතා පිළිබඳව ද සාකච්ඡා කෙරේ. ඔහු මියගොස් වසර 18 කි.