සෑම මසකම අවසන් සෙනසුරාදා ස්වෙච්ඡා දිනය ලෙස නම් කෙරේ

Share Button

සැම මසකම අවසන් සෙනසුරාදා ස්වෙච්ඡා දිනය ලෙස නම් කෙරේ.යුතුකම් ඉටු කිරීම සදහා වන තරුණ පිරිසක් රට තුල ඇති කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඒ අනුව 27 වැනි සෙනසුරාදා පළමු ස්වෙච්ඡා දිනය ක්‍රියාත්මක වෙයි.

රටට ආදරය කරන සියලු දෙනාට මේ සදහා එක්වන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි. මෙම වැඩපිළිවෙල ඉදිරියේදී දකුණු ආසියාවේ ප්‍රබලතම ස්වෙච්ඡා වැඩපිළිවෙල ලෙස ක්‍රියාත්මක කිරීම සිය අපේක්ෂාව බවද හෙතෙම කියයි. ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සේනාංකය එක්ව මෙය ක්‍රියාත්මක කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *