ආචාර්ය දයාරත්න රණතුංග ගී ආවර්ජනා ඔබ ආයෙමත් ඇවිදින් ප්‍රසංගය අද
ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ් එම් සේවය ඉදිරිපත් කරන ආචාර්ය දයාරත්න රණතුංග ගී ආවර්ජනා ඔබ ආයෙමත් ඇවිදින් ප්‍රසංගය කුමාරතුංග මැදිරියේදි අද පස්වරු 02.00 ට පැවැත්වේ.
සංස්ථාවේ වාද්‍ය වෘන්දය සංගීතවත් කරන මෙම ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය විශාරද සිදත් සෝමසුන්දර මහතාගෙනි. මෙම ප්‍රසංගය ලබන 27 වැනිදා පස්වරු 04.00 ට සිටි එෆ් එම් සේවයෙන් ප්‍රචාරය කෙරේ. 89 .6 සහ 89 .8 යන එෆ් එම් තරංග මාලා ඔස්සේ ඊට සවන්දිය හැකිය.