වසර ගණනාවකට පසුව පැවැත්වෙන වාද බයිලා ප්‍රසංගයක් අද පස්වරු 2.00 ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී

Share Button

වසර ගණනාවකට පසුව පැවැත්වෙන වාද බයිලා ප්‍රසංගයක් අද පස්වරු 2.00 ට කොළඹ 07 මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැ්තවේ. ලංකා සරල බයිලා ශිල්පීන්ගේ සංගමය මෙය සංවිධාන කරයි. වර්තමානයේ මෙරට සිටින ප්‍රවීනතම වාද බයිලා ශිල්පීන් රැසක් මීට සහභාගීවීමට නියමිතයි.

 

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව වාර්ෂිකව පවත්වන සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2021 පාඨමාලාවේ ආරම්භය අද පෙරවරුවේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැ්තවේ. උසස් ශ්‍රී ලාංකීය සිනමා සංස්කෘතියක් බිහිකිරිමට ශාස්ත්‍රිය හා සංකල්පීය පදනම මින් ලැබෙන බව වැඩසටහනේ සම්බන්ධීකාරක නේරංජා නවරත්න මහත්මිය පවසයි.

2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සදහා කෘති භාරගැනීම මේ මස 31 වැනිදා තෙක් සිදුකරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තරණී අනෝජා ගමගේ මහත්මිය පවසයි. ඉකුත් වසරේ ප්‍රථම වරට මුද්‍රණය කළ ග්‍රන්ථ මෙවර රාජ්‍ය සාහිත්‍ය සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *