මහමෙවුනා පිංබිමේ ඉදිවන සඳහිරුසෑය හතරැස් කොටුවේ ධාතු නිධාන උත්සවය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
ඵෙතිහාසික අනුරාධපුර මහමෙවුනා පිංබිමේ ඉදිවන සඳහිරුසෑය හතරැස් කොටුවේ ධාතු නිධාන උත්සවය හෙටට යෙදෙන පුන්පොහෝ දින අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. මාතෘ භූමියේ විජයග්‍රහණය සංකේත්වත් කිරීම සහ එම විජයග්රහණයට උරදුන් විරෝධාර රණවිරුවන්ට උපහාර පිණීස මෙය ඉදිකෙ,. 2010 නොවැම්බර් 23 වැනිදා මෙහි ඉදිකිරිම් ඇරඹුනි. නොවැම්බර් මාසය වනවිට එහි වැඩ අවසන් කිරීම අපේක්ෂාවයි. මේ වනවිට හතරැස් කොටුව දක්වා අඩි 142 ක් උසට චෛත්‍යය ඉදිකර ඇත. ජනතාවට අද දක්වා එහි තැන්පත් කිරීම සදහා නිධන් වස්තු භාරදිය හැක. ව්‍යාපාරිකයෙකු වන ආතර් සේනානායක මහතා චෛත්‍යයේ තැන්පත්කෙරෙන චුඩාමාණීක්යය හෙට නිල වශයෙන් භාරදීමට නියමිතයි. ධාතු නිධන් කිරීමේ අවස්ථාවටද ජනතාවට සහභාගී විය හැකිය.