මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳ කෙලින්ම කියන්න හදිසි ඇමතුම් දුරකථන සේවාව අද ඇරඹෙයි

Share Button

මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳ කෙලින්ම කියන්න හදිසි ඇමතුම් දුරකථන සේවාව අද ඇරඹෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳ දැණුම්දීම් සදහා නව ඇමතුම් සේවාවක් ලෙස එය ක්‍රියාත්මකයි. ඊට අදාළ වෙඩ් අඩවිය හෙට එළිදැක්වෙයි. මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු බලගැන්වීමේ විශේෂ ව්‍යාපෘතියද අද ආරම්භවීමට නියමිතයි. නව අංකය යටතේ පුද්ගලිකව හා විශ්වසනීයත්වයෙන් තොරතුරු දැනුම් දිය හැකි බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කියයි. බස්නාහිර පළාත උතුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා කැලණිය විශ්ව විද්‍යාලය වැඩපිලිවෙල සංවිධාන කරයි. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය අනුග්‍රහය දක්වයි. දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 1177 ක ජනතාවකට රහසිගතව ලබාදිය හැකි තොරතුරු සදහා කාර්යක්‍ෂ්ම ප්‍රතිචාර දැක්වීමට විධිමත් යාන්ත්‍රණයක්ද සකස් කර ඇතැයි පොලිස්පතිවරයා කියයි. මත්ද්‍රව්‍ය නිවාරණ ග්‍රාමීය කමිටු සභාපතිවරුන් ප්‍රමුඛ දෙදහසකට අධික සාමාජික පිරිසකගේ සහභාගීත්වය වැඩපිළිවෙලට ලැබෙයි. ඒ අනුව අද සිට තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක වන්නේ මීගමුව කොට්ඨාශය. 071 369 000 1.
ගම්පහ කොට්ඨාශය 071 321 000 1.
කැලණිය කොට්ඨාශය 071 358 000 1.
නැවතත් එම දුරකථන අංක මීගමුව කොට්ඨාශය. 071 369 000 1.
ගම්පහ කොට්ඨාශය 071 321 000 1.
කැලණිය කොට්ඨාශය 071 358 000 1. වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11