ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරිමට රජය ගත් තිරණය වෙනස් විය යුත බව රාජිත සේනාරත්න පවසයි

Share Button

ග්ලයිෆොසෙට් රසායනිකය පිලිබදව ඇමරිකානු අධිකරණය ලබාදුන් තින්දුවට අනුව සැම රටකම ග්ලයිෆොසෙට් තහනම් කිරිමට සිදුවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එම අධිකරණ තින්දුව මගින් මෙම රසායනිකය පිළිකා සහ වකුගඩු රෝග සදහා හේතු කාරක වන බව පෙන්වා දි තිබේ. ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරිමට රජය ගත් තිරණය ඒ අනුව වෙනස් විය යුත බවද සේනාරත්න මහතා සදහන් කරයි. එසේ නොමැති වුවහොත් ග්ලයිෆොසෙට් යොදා සිදුකරන තේ වගාව හේතුවෙන් තේ අපනයනයට බාධා එල්ල විය හැකිය. එය රටට ආර්ථික ගැටලුවක් වනු ඇති බව අමාත්‍යවරයා අවධාරනය කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍යවේදින් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදි සේනාරත්න මහතා මේ බව සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *