ගෙවි ගිය මාස දෙක තුළ මියන්මාරයේ හමුදා ප්‍රහාර වලින් කුඩා ළමයින් 43 දෙනෙකු මරුට.

Share Button

මියන්මාරයේ හමුදා ප්‍රහාර වලින් ගෙවීගිය මාස දෙක තුළ කුඩා ළමයින් 43 දෙනෙක් මරණයට පත් වී ඇතැයි ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සේව් ද චිල්රන් සංවිධානය පවසයි. වයස අවුරුදු 06 ක දරුවෙක් ද ඒ අතර වෙයි . හමුදාව හා විරෝධතාකරුවන් අතර පවතින ගැටුම් හේතුවෙන් මියන්මාරයේ මේ දක්වා සිදු වි ඇති මරණ සංඛ්‍යාව 536 ක් බව එම සංවිධානය පවසයි.

මේ අතර මියන්මාර හමුදා පාලකයන් හිටපු නායිකා අවුන් සාන් සුකි මහත්මියට එරෙහිව තවදුරටත් විවිධ චෝදනා එල්ල කර තිබෙ. මියන්මාරයේ සිටින එක්සත් ජාතින්ගේ නියොි්ජිතයා පැවසුවේ පවතින ගැටුම් හේතුවෙන් රට එකම ලේ විලක් බවට පත්විමේ අවදානමක් පවතින බවයි. පසුගිය පෙබරවාරි 01 වැනිදා ආරක්ෂක හමුදා කුමන්ත්‍රණයකින් බලය අත් කර ගැනිමත් සමග මියන්මාරයේ විරෝධතා ආරම්භ විය. විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර එදා මෙදා තුර දරුණු ගැටුම් පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *