අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බෙදීම අද සිට

Share Button

උදාවන සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව රටේ සියලු නිවෙස්වෙත බෙදා හැරීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද පෙරවරු 7.54 ට යෙදෙන සුබ මොහොතින් ඇරඹෙයි. වව්නියාවේ අද පැවැත්වෙන ගම සමගපිළිසදර වැඩසටහනේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එම නැකැත් සිට්ටුව ජනතාවට බෙදාදීමට නියමිතයි.

බත්තරමුල්ල ආශ්‍රීතව එය බෙදා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අනෙකුත් දිස්ත්‍රික්කවලද එය ක්‍රියාවට නැංවේ. පොදුජන පෙරමුණු රජය වසරකදී කළ සංවර්ධන වැඩසටහන පිළීබඳව දැක්වෙන පත්‍රිකාවක්ද මේ සමග ජනතාවට බෙදා දෙයි.

මේ අතර අලුත් අවුරුද්ද සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යංශය අද නිකුත් කරනු ඇතැයි වාර්තාවෙයි. සීමාවන්ට යටත්ව අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *