උත්සව සමයේ බිත්තර මිලෙහි කිසිදු ඉහළ යාමක් සිදු නොවන බවට ප්‍රකාශයක්,
උත්සව සමයේ බිත්තර මිලෙහි කිසිදු ඉහළ යාමක් සිදු නොවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් එම් සරත් රත්නායක මහතා සදහන් කරයි, මෙරට දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 65 කි, එය අභිබවා දෛනිකව ලක්ෂ 90 ක බිත්තර නිෂ්පාදනය කෙරේ, දේශීය බිත්තර අවශ්‍යතාවයෙන් සියයට 75 ක් වයඹ පළාතෙන් සපුරා ගැනේ, වැඩි ප්‍රමාණයක් ග්රාමීයව සුඵ පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබා ගැනේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ව්‍යාපාරයට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අනුමැතිය දුන්නද සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් එම කාර්යය සිදු නොවු බවට සභාපතිවරයා චෝදනා කරයි, පවතින අතිරික්තය අපනයනය කිරීමට රජය මැදිහත් වේ නම් නිෂ්පාදන මිලට වඩා අඩු මිලට බිත්තර අලෙවි කිරීමෙන් නිෂ්පාදකයින්ට සිදුවන පාඩුව අවම කර ගත හැකි බව හෙතෙම පෙන්වා දෙයි,