බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සදහා ලබන 12 වැනිදා දිවයිනට

Share Button

ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 12 වැනිදා දිවයිනට පැමිණෙයි. එම කණ්ඩායම ලබන 17 හා 18 යන දෙදින තුල කටුනායක දී පුහුණු තරගයකට සහභාගි වනු ඇත. ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය. පළමු ටෙස්ට් තරගය ලබන 21 වැනිදා ඇරඹෙන අතර දෙවන සහ අවසන් තරගය ආරම්භ වන්නේ ලබන 29 වැනිදායි. පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබු එම තරගාවලිය කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙවරක්ම කල් දැමිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *