ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරඹේ
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත 5 ක මැතිවරණ දැන් පැවැත්වෙයි. ඇසෑම් කේරල පුඩුචෙරි තමිල්නාඩු හා බටහිර බෙංගාල එම ප්‍රාන්ත වෙයි. ඇසෑම් ප්‍රාන්තයෙන් පසුගිය මස 27 වැනිදා මැතිවරණ ආරම්භ විය. තමිල්නාඩු පුඩුචෙරි හා කේරල ප්‍රාන්තවල මැතිවරණය ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සදහා භාරතීය ජනතා පක්ෂය හා කොංග්රස් පක්ෂය ප්‍රාන්තයේ ප්‍රාදේශීය පක්ෂ සමග සන්ධාන ගතවී සිටිී. කරුණානිධි හා ජයලලිතා ජෙයරාම් යන මහත්ම මහත්මිීන්ගේ අභාවයෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. ප්‍රවීණ සිනමා නඵ කමල් හසන්ගේ මක්කල් නිධි මයියම් පක්ෂය ද තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට තරග වදී.