ඇඹුල් කෙසෙල්වලින් ඩොලර් බිලියනයක ආදායමක්

Share Button

ඉතිහාසයේ ප්‍රථමවරට මෙරට ඇඹුල් කෙසෙල් විදේශ වෙළෙඳපොලට යැවීම දැන් සිදු කරේ. අනුරාධපුරය රාජාංගනය යාය එකේ සිට පහ දක්වා අක්කර 1500 ක ඇඹුල් කාබනික කෙසෙල් වගාව සිදු කර ඇත. ගොවිහු 700 ක් පමණ ඊට එක්ව සිටිති. දැනට ඩොලර් මිලියන 80 ක පමණ ආදායමක් උපයයි. ඉදිරියේදී ඩොලර් බිලියනයක් අපේක්ෂා කෙරේ. කෙසෙල්වලට අමතරව අඹ, අන්නාසි යන පලතුරු ද මේ වනවිට විදෙස් වෙළෙඳපොලට යැවේ. රෝග අඩුවීම හේතුවෙන් මෙරට කෙසෙල් ගොවීන්ගෙන් සියයට 70 ක්ම වගා කරන්නේ ඇඹුල් කෙසෙල්ය. එමෙන්ම ඒ සදහා පලමු අදියරේදී රජය රුපියල් 60 දහසක ආධාරයක්ද සපයයි. මේ මස අවසානයේදී සිංගප්පුරුවට කෙසෙල් තොගයක් අපනයනය කෙරේ. ඉදිරියේදී බහලුම් ඔස්සේ මුහුදු මාර්ගයෙන් මේවා අපනයනය කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *