ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියට කොවිඩ්වලින් බලපෑම්
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කොවිඩ් වසංගතයෙන් යලි බලපෑම් එල්ලවී තිබේ. ඉකුත් තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වුනි. මෙවර තරගාවලිය ලබන 09 වැනිදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිතයි.
කෙසේ වුවත් දිල්ලි කැපිටල් කණ්ඩායමේ දගපන්දු යවන ක්‍රිඩක ඇක්සර් පටේල් කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ හදුනා ගැනුනි. එමෙන්ම මුම්බායි වංකඩේ ක්‍රිඩාංගනයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත.
ඉකුත් දින කිහිපයේදී නවදිල්ලියේ සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයන්ගේ ඉහලයාමක් දක්නට ලැබුනි. මේ වනවිට ක්‍රිඩකයන් 07 දෙනෙකුට කොවිඩ් වැළදී ඇත.