ඇසිදිසි අවුරුදු මේලා ලබන 08,09,10 දිනවල ගුවන් විදුලි පරිශ්‍රයේ

Share Button

ලබන 08,09,10 දිනවල රුපවාහිනි සහ ගුවන් විදුලි පරිශ්‍ර කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳ සැණකෙලියක් පැවැත්වීමට අත්වැල පදනම සුදානම් වෙයි. මෙරට සිටින ප්‍රධාන ව්‍යාපාරිකයන් සහ සමාජ ක්‍රියාකාරීහු එම පදනම නියෝජනය කරති. අත්‍යවශ්‍ය භාණ්ඩ, ආහාර ප්‍රදර්ශන සංගීතය ඇතුඵ තවත් අංශ ගණනාවකින් මෙය වර්ණවත් වන බව එම පදනමේ සභාපති අමිල කංකානම්ගේ මහතා පවසයි.

මෙරට විශිෂ්ඨ ව්‍යාපාරිකයන් හරහා කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් නගාසිටුවීම මෙහි තවත් අරමුණකි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. තම සංගමය හා ලියාපදිංචිවී සිටින ව්‍යාපාරිකයන්ට තරගකාරී මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවියට එක්විය හැකිය. මේ වනවිට මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතන 70 ක් තම සංගමය හා ඇති බව ඔහු කියයි. ඒවායෙන් භාණ්ඩ ලබා ගැනීමට වට්ටම් කාඩ්පතක් හදුන්වාදීමට ක්‍රියා කෙරේ. වසරක කාලයක් එම කාඩ්පතින් භාණ්ඩ මිලදී ගත හැකිය.

මෙම ඇසිදිසි අවුරුදු මේලා වැඩසටහන පැවැත්වෙන කාලයේදී තම ව්‍යාපාර එලිදැක්වීමට මෙරට සිටින සුළු ව්‍යාපාරිකයන්ට හැකියාව තිබෙන බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානපතිරණ මහතා මෙහිදී කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *