ඇමරිකා එක්සත් ජනපදයේ විරැකියාව සියයට 6 දක්වා පහලට

Share Button

ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා සංඛ්‍යාව මාර්තු මාසයේදී නව ලක්ෂ දහසය දහසකින් වර්ධනය වූ බව එරට කම්කරු අමාත්‍යාංශය පවසයි. එය පසුගිය මාස 7 ක කාලය තුළ වාර්තාගත තත්ත්වයක් බව බ්ලූම්බර්ග් ආර්ථික විශ්ලේෂණ ඒජන්සිය පවසයි. ඒ අනුව එරට විරැකියාව සියයට 6 දක්වා අඩු වී තිබේ.

එමගින් පිළිබිඹු වන්නේ වසංගත තත්ත්වය හමුවේ පහත වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් නව ජීවය ලබන බව යැයි එරට කම්කරු අමාත්‍යාංශය කියයි. වසංගත හේතුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ විරැකියාව සියයට 14.7 දක්වා වැඩි වී තිබිණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *