පකිස්ථානයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට
සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී ඊයේ පැවති දෙවන ජාත්‍යන්තර එක්දින තරගය ලකුණු 17 කින් ජයගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වෙයි. කාසියේ වාසිය දිනූ පකිස්ථානය මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නේය. ඒ අනුව ලකුණු රැස් කිරීම ආරම්භ කළ දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 341 කි. නායක ටෙම්බා බවුමා ලකුණු 92 යි.
ලකුණු 342 ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 කට රැස් කළේ ලකුණු 324 ක් පමණි. ෆකාර් ශාමන් ලකුණු 193 ක් රැස් කළේය. හයේ පහර 10 ක් හා 4 පහර 18 ක් ඔහු රැස්කළ ලකුණු අතරට ඇතුලත් විය. කණ්ඩායම් දෙක අතර පැවති පළමු තරගය ජය ගැනීමට පකිස්ථානය සමත් විය. තීරණාත්මක තුන්වන තරගය සෙන්චූරියන්හිදී අනිද්දා පැවැත්වීමට නියමිතය.