ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය තවත් ඉහළට

Share Button

ගත වු පැය 24 තුළ ලොවපුරා කොවිඩ් 19 ආසාදිතයන් 4 ලක්‍ෂ 50 දහසක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇත. 96 දහස් 557 ක් ලෙස එය සටහන් වේ. අමෙරිකාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 46 දහස් 669කි. බ්‍රසීලයෙන් ආසාදිතයන් 38 දහස් 233 ක් වාර්තා වන අතර තුර්කියෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 42 දහස් 551කි. ගත වු පැය 24 තුළ ලොවපුරා කොවිඩ් ආසාදිත මරණ 6 දහස් 817 ක් වාර්තාවී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව බ්‍රසීලයෙන් වාර්තාවේ. 1623 ක් ලෙස එය සටහන් වෙයි. ඉන්දියාවෙන් මරණ 445 ක් වාර්තා වී ඇත. ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන අතර වෛරසය ආසාදනයවීම හේතුවෙන් එරට තුළ මරණයට පත්ව ඇති සංඛ්‍යාව එක්ලක්‍ෂ 65 දහස් 577 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *