රබර් වගාවේ ඵලදායිත්වය ඉහළට
රබර් වගාවේ ඵලදායිත්වය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ ප්රමුඛ අවධානයක් යොමුව ඇතැයි ශ්‍රි ලංකා රබර් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනවිරත්න මහත්මිය පවසන්නීය. ඵලදායිත්වය ඉහළ නැංවීම මගින් රබර් වගාවේ නියුතු වුවන්ට වාසි රැසක් හිමිවේ. වගාව සඳහා අවශ්‍ය පොහොර හිගයකින් තොරව ලබාදීමට ද කටයුතු කෙරේ. රබර් සංවර්ධන නිලධාරින් පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුල අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේදී පැවැත්වෙන බව ද ඇය ජාතික ගුවන් විදුලියට සඳහන් කලාය.