හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී

Share Button
උදාවන නව වසරේ හිසතෙල් ගැල්වීමේ නෑකත ලබන 17 වන සෙනසුරාදා පෙරවරු 7.15 ට යෙදි තිබේ. මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් කැළණිය විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වෙයි. නව වසරේ පැල සිටුවීමේ නෑකතට හා හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයට සමගාමීව සමස්ත ජනතාවට නිරෝගි සුවය පතා ඖෂධ පැලයක් රෝපණය කරමින් ඖෂධ පැලෑටි සංරක්ෂණයට දායක වන්නැයි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සුව ධරණී හෙලඔසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දිවයිනේ සියලු පළාත් පාලන ආයතන සම්බන්ධිකරණය කර ගනිමින් හරිතකී නාගරික වනෝද්‍යාන නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතයි. ඒ අනුව නාගරික ඔසුඋයන් 500 ක් ආරම්භ කිරීම ඉලක්කය බව රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

අලුත් අවුරුද්දේ නෑගම් යනවිට රැගෙනයාමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අත්‍යවශ්‍ය ඖෂධ අඩංගු විශේෂ ඖෂධ මංජුසාවක් හදුන්වාදීම ද එහිදී සිදුවිය. රුපියල් 500 ක් වැනි විශේෂ මිලකට එය මිලදීගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *