විශ්ව විද්‍යාල විවෘත කිරීම අලුත් අවුරුද්දෙන් පසු

Share Button

සියලු විශ්ව විද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව යලිත් විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. විශ්ව විද්‍යාල යලි විවෘත කිරීම පිළිබඳව විශේෂ චක්‍ර ලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ වනවිට සකස් කරමින් සිටි. එම උපදේශන මාලාව ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත. විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩල කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමෙන් පසුව අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබින. සිසුන් විශ්ව විද්‍යාලවලට පැමිණිම ප්‍රමාද කළ නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව අධ්‍යයන කටයුතු යලි ආරම්භ කිරීමට තීරණය කළ බව සභාපතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *