නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය
2005 අංක 38 දරණ සංචාරක පනත අහෝසිකර නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙයි. සංචාරක ඇමතිවරයා ඊට අදාල යෝජනාව ඉදිරිපත් කර තිබින. දැනට පවතින පනතට අනුව සංචාරක ක්ෂේත්රය ප්රධාන ආයතන හතරකට බෙදා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය ශ්රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ. එලෙස බෙදා වෙන් කිරීම හේතුවෙන් එම ආයතන සම්බන්ධිකරණය කිරීමේදී ගැටඵ පැනනැගීම හා සම්පත් නාස්තිය වැනි අයහපත් බලපෑම් සිදුවන බව පෙනි ගොස් ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහතික කිරීම සදහා නව පනතක් හදුන්වාදීමට තීරණය කළ බව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයා පැවසීය.